
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලය ලබාගැනීමට අසත්‍ය ප්‍රචාරය කිරීම සෑම අවස්ථාවකදීම සාර්ථක නොවන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුවට පවසයි.
ඔහු මේ බව පැවසුවේ, හිටපු කථානායකවරයා 2024 ජනවාරි 1 සිට 2024 සැප්තැම්බර් 24 දක්වා මසකට රුපියල් ලක්ෂ 40 බැගින් මාස නවයක් ඇතුළත රුපියල් මිලියන 33 ක ඉන්ධන භාවිත කළ බවට සභානායක බිමල් රත්නායක කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමිනි.
මේ සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනයක් ද නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ 1983 පාර්ලිමේන්තුවට පැමිණි දා සිට සහ 2020 සැප්තැම්බර් මාසය දක්වා කථානායකවරයා ලෙස පත්වන තුරු තමන් රජයේ කිසිදු නිල නිවසක පදිංචිව නොසිටි බවයි.
කතානායක ධුරයට පත්වී මාසයකට ආසන්න කාලයකින්, 2020 සැප්තැම්බර් මාසයේදී නිල සහ ආරක්ෂක හේතූන් මත තමාට කථානායක නිල නිවසට මාරුවීමට සිදුවු බව ද එහි දැක්වේ.
“මගේ ධුර කාලය පුරාවටම මම කථානායකවරයාගේ නිවසේ ආහාර වේල සඳහා මගේ පෞද්ගලික මුදල් වියදම් කළ බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. කථානායකවරයාගේ ආහාර වේල සඳහා රජයේ මුදල් වියදම් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැත. කෙසේවෙතත් විශේෂ අමුත්තන්, විදේශ තානාපතිවරුන් පැමිණි විට ඔවුන්ට සංග්‍රහ කිරීම රජයේ යුතුකමක් වන අතර එම වියදම් කථානායකවරයාගේ සියලු වියදම් ලෙස සැලකේ. වියදම් එකතු කර මගේ පෞද්ගලික ආහාර වේල් සඳහා වූ වියදම් ලෙස ඉදිරිපත් කර ඇත.”
”ඒ වගේම 1983 වසරේ සිට 2020 අගෝස්තු මස කථානායක ධූරයට පත්වන තුරුම විවිධ අමාත්‍ය ධුර දරද්දීත් මම ගමන් කළේ එකම වාහනයකයි. අගමැතිනි හරිනි අමරසූරියට ආරක්‍ෂක හේතූන් මත පරිවාර වාහන සමඟ ගමන් කිරීමට සිදුවන බව ධූරයට පත්වීමෙන් පසු දැනගත් පරිදිම මටද ගමන් කිරීමට සිදුවුණේ නිල වාහන තුනකින් සහ කථානායක කාර්යාලය භාරගත් පසු නිල වාහන තුනකින් සහ ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජීප් රථයක් ද මට ලබාදුන්නේ, මෙම වාහන මගේ අවශ්‍යතා සඳහා, ඊට අමතරව මගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු සඳහා වාහන පහක් සහ ඉන්ධන වෙන්කර ඇති බවත් දන්වා සිටිමි.”
”කෙටි පිළිතුරු අපේක්ෂා කරන සමාජ සන්දර්භයක් තුළ වඩාත් සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් කිරීම නිෂ්ඵල වුවද, සත්‍ය සෙවීමට උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන්ගෙන්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ඉහත සහ වෙනත් චෝදනා පිළිබඳ විස්තර ලබාගන්නා ලෙසත්, 2023/2024 පමණක් නොව 2020 සිට තොරතුරු ලබාගන්නා ලෙසත් මම ඉල්ලා සිටිමි.”
”ධම්ම පදයේ පහත සඳහන් පද දෙක සිහිපත් කරමින් මගේ පැහැදිලි කිරීම අවසන් කිරීමට කැමැත්තෙමි. ‘බොරු කතා කරන, ධර්මය නොසලකා හරින, පරලොව ගැන විශ්වාසයක් නැති මිනිසුන්ට කළ නොහැකි පාපයක් නැත. යමෙක්, අනුන්ට හිංසාවක් නොකළ නිර්මල සිත් ඇති අහිංසක පුද්ගලයෙකුට හානියක් කරන්නේ නම්, එම හානිය සුළඟට හෙළන ලද දූවිලි ගොඩක් මෙන් නැවත එම මෝඩයාටම පැමිණේ.” යනුවෙන් හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart