Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ ප්‍රමාණවත් සහල් තොග තිබියදීත් රජයට සම්බා සහල් ආනයනය කිරීමට සිදුවූයේ මෝල්කරුවන් සහ ගොවීන් වී ගොඩගසා ගැනීම හේතුවෙන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අද ප්‍රකාශ කළේය.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2,540,000ක් බවත්, මේ වසරේ රට මෙට්‍රික් ටොන් 2,750,000ක සරුසාර වී අස්වැන්නක් වාර්තා කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
“අපට සහල් ආනයනය කිරීමට අවශ්‍ය නැහැ. අපේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙ.ටොන් 2,540,000ක්. මේ වසරේ වී අස්වැන්න මෙ.ටොන් 2,750,000ක් ලැබී තිබෙනවා. නමුත් සහල් මෝල්කරුවන් සහ ගොවීන් ඒවා වෙළෙඳපොළට නිකුත් නොකර තොග ගබඩා කරනවා. සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් වෙළඳපොලේ ඇති කර තිබෙනවා.සඟවාගෙන ඇති තොග වෙළඳපොළට නිකුත් කළහොත් පිටරටින් සහල් ආනයනය කිරීමට අවශ්‍ය නැහැ.” යැයි ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, ඉදිරි උත්සව සමයේ දී කිරි සම්බා සහ සම්බා සහල් හිඟය පියවා ගැනීම සඳහා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart