Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක කුසලාන එක්දින තරගාවලියේදි දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන ලෙසට කිසිදු බලපෑමක් නොතිබුණු බව පුහුණු උපදේශක මහේල ජයවර්ධන අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදි කියා සිටියේය.
කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයේ කාසිය වාසිය පිළිබඳ තීරණය ඉන්දියාවට වාසි සහගත ලෙස ගන්නැයි මහේල උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධවෙිදියෙකු එහිදි මහේලගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ පාර්ලිමේන්තු වරප්‍රසාද තබාගෙන පාර්ලිමේන්තුවේ කතා කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බැවින් ඒඅනුව එය මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නට ඇති බවය.
මන්ත්‍රීවරයාට වෙනත් කාරණයක් ඇත්නම් පාර්ලිමේන්තුවෙන් පිටත ඒ බව පවසා ක්‍රීඩාඅමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයටද කරුණු දැක්වීමට අයිතියක් පවතින බවයි මහේල ජයවර්ධන පෙන්වාදී ඇත්තේ.
ඒ අනුව එවැනි කරුණු තිබේ නම් මන්ත්‍රීවරයා එය ප්‍රකාශ කරනු ඇතැයි තමන් සිතන බවද මහේල් ජයවර්ධන සඳහන්කර සිටියේය.
ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවට දැවීගියද තරග පරාජය වීම සඳහා ඉන්දියාවෙන් බලපෑමක් නොතිබූ බව එම මාධ්‍ය හමුවට එක්ව සිටි එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් කියා සිටියේය.
ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වූ අයුරින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරිමට නොහැකිවිම පිළිබද සමාව අයැද සිටින බවද එහිදි කුසල් මෙන්ඩිස් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart