October 22, 2023

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තාවේ.

ඔහු නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී පන්දු යවන අතරතුර අපහසුතාවයක් පෙන්නුම් කළේය.

ස්කෑන් පරීක්ෂණයෙන් තත්ත්වය තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් තහවුරු කළේය.

තීක්ෂණ පසුගියදා ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි ලෝක කුසලාන තරඟයට එක්වූයේ ඔහු ආසියානු කුසලානය අතරතුරදී ඇති වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවය.

42.31%
17.27%
32.76%