Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දිනක පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ.
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අදාළ ලිපියෙන් උන්වහන්සේ පෙන්වා දී තිබුණේ රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සචාරිත්රයන් නොසළකා කටයුතු කිරීම රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බවයි.
එබැවින් මෙම පනත් කෙටුම්පත පිළිබඳ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි සඳහන් කර තිබේ.
එම ලිපිය මෙසේයි;
“ධර්ම ද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියයි. දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්රය සමෘද්ධිය උදෙසා අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙරට චිරාගත සංස්කෘතික හරපද්ධතීන් පිළිබඳ නොසළකා ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවන් පූරණය කර ගැනීමේ පටු පර්මාර්ථ පෙරදැරි කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව අපි තරයේ අවධාරණය කර සිටිමු.
මෙවැනි පටු අරමුණු සහිත පනත් කෙටුම්පතක් සම්මත කිරීම පවුල් සංස්ථාවන් බිඳ දැමීමට මෙන් ම සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතාවක් නිර්මාණය වීමට හේතු වන අතර ම එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වේ. මව, පියා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩුදෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහාණියට හේතුවන බව මහජන නියෝජිතයන් අවබෝධ කොට නොගැනීම වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන ප්රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි. “අධම්මරාගය” හෙවත් මව, පියා, සහෝදරයා, සහෝදරිය, ආදී බැඳීම් හා ඤාති සබඳතාවන් නොසළකා තිරිසන් ගත සතුන් මෙන් ලිංගික ප්රීණනය සඳහ පුද්ගලයා යොමු වීම මෙන් ම, “මිච්ඡාධම්ම” හෙවත් සමලිංගික හැසිරීම් හේතුවෙන් පුද්ගලයාගේ ආයුෂය, හා වර්ණය පරිහාණියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳ වැටීමට හේතුවන ආකාරය චක්කවත්ති සීහනාද සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත.
එවන් පසුබිමක් තුළ පින – පව, කුසලය – අකුසලය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සැපයීම මහා සංඝ රත්නය ලෙස අප වෙත පැවරී ඇති වගකීමයි. විවිධ බාධක, අර්බුද, අභියෝග මධ්‍යයේ වුව ද ලාංකේය භික්ෂු පරපුර එම ඓතිහාසික වගකීම මනාව ඉටුකර ඇති බවට මෙරට ඉතිහාසය සාක්ෂි දරයි. එසේම රටක ජන ජිවිත සුරක්ෂිත කොට සමාජ සංස්ථාවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම රාජ්‍ය පාලකයාගේ වගකීම බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.
එහෙයින් සමස්ත සමාජය සදාචාරාත්මක පරිහානියකට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය මෙන්ම ආධ්‍යාත්මික පරිහානියට ඍජුව හේතුවන මෙවන් අගතිකාරී, සමාජ පරිහානියට තුඩු දෙන කෙටුම්පතක් සම්මත කිරීමට මෙරට රජය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහාසංඝරත්නය ලෙස අපගේ බලවත් අප්‍රසාදය හා විරෝධය පළ කර සිටින අතරම එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් විසින් මෙරට සංස්කෘතික හර පද්ධතියට සිදුකරන බලවත්ම හානියක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු.
බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ඨතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මෙන්ම දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ හරපද්ධතීන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප්රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart