Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුගිරිය ටැටූ කලාගාරයේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක් වූ වසන්ත සුරේන්ද්ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්රතිවිරුද්ධ කණ්ඩායම් අතින් තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් ප්රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබිණි.
මීට වසර කීපයකට ඉහතදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවක දී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකෙරුණු ඉකුත් (13) දා මාකඳුරේ මධූෂ්ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්රදර්ශනය කර තිබිණි.
එහි දකුණු පස ” අපේ අයියේ….. එක එක්කෙනා එවනවා. අපි එනකම් බලාගන්න…. යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් KPI යනුවෙන් ඉංග්රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් 8 දා අතුරුගිරිය ටැටූ කලාගාරය තුළ දී ව්යාපාරික වසන්ත සුරේන්ද්ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් රන් පැහැ ගැන් වූ ටී 56 හිස් ජීව උණ්ඩවලද සටහන්ව තිබුණේ KPI යනුවෙනි.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටින බව කියන කංජිපාණි ඉම්රාන් පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් කියැවිණි.
ක්ලබ් වසන්ත ඝාතනය වූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිය මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ බිරියගේ නිවස ආසන්නයේ ” පාතාලයේ හැම එකාම මදුශ් ගිය තැනට යන්න සැරසියල්ලා ” ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගණය අසල ඇති දැන්වීම් ප්රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයිද කීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart