42.31%
17.27%
32.76%
October 9, 2023

ඉන්දියාවේ මදුරාසි මහාධිකරණයේ විනිසුරු සුන්දර් මෝහන් සඳුදා (ඔක් 9) හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරු වන සාන්තන් හෙවත් ටී. සුතේන්ද්‍රරාජා විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් විභාග කිරීමෙන් ඉවත් විය.

‘ද හින්දු’ පුවත්පතට අනුව, පෙත්සම්කරු මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙන්ම තමිල්නාඩු රජයෙන් ද තමා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

එස්.එස්.සුන්දර් සහ සුන්දර් මෝහන් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ලැයිස්තුගත කළ අවස්ථාවේදී, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධ නඩුවක නීතීඥවරයකු ලෙස කටයුතු කළ බැවින් පෙත්සම විභාග කිරීමෙන් ඉවත්ව තිබේ.

එබැවින්, අධිකරණයේ ස්ථාවර උපදෙස් අනුව, විනිසුරු ඩී. ක්‍රිෂ්ණකුමාර් ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව ලැයිස්තුගත කරන ලෙස විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර්වරයාට නියම කර ඇත.

තම නීතිඥ පී. පුගලේන්ධි මාර්ගයෙන් ගොනුකරන ලද දිවුරුම් ප්‍රකාශයක පෙත්සම්කරු පවසා ඇත්තේ, තමා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු සිරෙන් නිදහස් වූ දා සිට 1946 විදේශ පනත යටතේ විශේෂ කඳවුරක (විදේශිකයන් රැඳවුම් මධ්‍යස්ථානයක) රඳවාගෙන සිටි බවත්ය.

සාන්තන් කියා ඇත්තේ, 2022 නොවැම්බර් 11 වන දින මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝගයක් සම්මත කර ඇති බවත්, ඔහු තම මව් රටට පිටුවහල් කරන තෙක් විශේෂ කඳවුරේ සීමාවෙන් පිටතට නොයන ලෙස නියෝග කර ඇති බවත්ය.

පෙත්සම්කරු පෙන්වාදී ඇත්තේ, යාපනයේ වැල්වැටියේ පදිංචි 75 හැවිරිදි තම මව දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් වහාම ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවයි.

42.31%
17.27%
32.76%