Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ තෙවැනි දිනයේදී බිබිල නන්නපුරව මාධ්‍ය විද්‍යාලයේ මධුෂානි හේරත් වසර 26ක් පැරණි වාර්තාවක් බිඳහෙළීමට සමත් වූවාය.
2024 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ චෙන්නායි හි පැවැත්වෙන සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් සූදානම් වීම සඳහා කණිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා සංචිතය පිහිටුවීමේ අවසාන තේරීම් අත්හදා බැලීම ද මීට සමගාමීව සිදුවේ.
වාර්තාවට හිමිකම් කියන මධුෂානි වයස අවුරුදු 20න් පහළ බාලිකා දුර පැනීමේ අවසන් තරගයේදී මීටර් 6.32ක විශිෂ්ට දස්කමක් දක්වා 1998දී ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාවේ අනෝමා සූරියආරච්චි විසින් පිහිටුවා තිබූ මීටර 6.06ක දක්ෂතාව ඉක්මවා ගියාය.
පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ආදිත්‍යා ප්‍රනාන්දු මීටර් 5.74ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානය හිමිකරගත් අතර යුද හමුදා පිලේ එච්.ආර්.ඩී.එස්.රණසිංහ මීටර් 5.51ක උත්සාහයකින් තෙවැනි ස්ථානයට පත්විය.
මීට අමතරව, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සෂිනි පෙරේරා වයස අවුරුදු 16න් පහළ බාලිකා මිටිය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 30.42ක දක්ෂතාවක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
ඇය එහිදී, මීට පෙර නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමේ සෞරි මෙන්ඩිස් විසින් තබා තිබූ වාර්තාව අභිබවා ගියාය.
මේ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජයේ තාරුක ධනංජය (23න් පහළ පිරිමි හෙල්ල විසිකිරීම) මීටර් 70.89ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක්ද පිහිටුවීය.
ඔහු එහිදී, මීට පෙර 2010 දී පිහිටුවා තිබූ මීටර් 69.02 වාර්තාව වැඩිදියුණු කළේය.
අවසන් දිනයේදී නව තරග වාර්තා හතරක් ස්ථාපිත වූ අතර ඒ අනුව මුළු වාර්තා ගණන 20ක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart