Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොකේන් අඩංගු මත් කරල් ශරීරය තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ විදේශීය ජාතික කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන මැඩගස්කර් ජාතික කාන්තාවකි.
සැකකාරිය කොකේන් කරල් 75ක් පමණ ගිලදමා ඇති බවට සැක කෙරෙන අතර එහි වටිනාකම රුපියල් මිලියන 35 ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි හරහා අප්‍රේල් 12 වන දින කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ලඟාවූ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකාරිය මෙරටට පැමිණ තිබේ.
මෙම කාන්තාව කොකේන් කැප්සියුල ශරීරගත කර ඇත්තේ උපත් පාලන කොපුවල බහා බව ද අනාවරණ වී ඇත.
ඒවා කාන්දුවීම වළක්වා ගැනීම සඳහා ඇලවුම් ටේප් මගින් ප්‍රවේශමෙන් මුද්‍රාතබා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
සැකකාරිය ගිලදැමූ මත් කරල් පිටතට ගැනීම සඳහා ඇයව මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart