56.8%
18.59%
20%
August 20, 2024

එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයට පවුම් මිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා දී ඇති, දිගුකාලීන වැට් බදු ආරවුලක මුහුණදුන් ටෙලිකොම් සමාගමක් වන Lycamobile වෙත එරට ප්‍රධාන ආදායම් සහ රේගු ආයතනය විසින් ගෙවීම් අවසන් කිරීමට දන්වන ‘වයින්ඩිං-අප්’ පෙත්සමක් නිකුත් කර තිබේ.

‘වයින්ඩිං-අප්’ පෙත්සමක් යනු ණය හිමියන්ට මුදල් ගෙවිය යුතු එහෙත් ණය ගෙවීමට නොහැකි වූ සමාගමකට එරෙහිව එක්සත් රාජධානියේ භාවිත කෙරෙන විධිමත් නීතිමය ක්‍රියාවලියකි.

බ්‍රිතාන්‍ය ප්‍රධාන ආදායම් සහ රේගු ආයතනය විසින් ඔවුන්ගේ බදු බිල්පත් නොගෙවූ සමාගම්වලට එරෙහිව වත්කම් බලහත්කාරයෙන් විකිණීමට හේතු විය හැකි එවැනි පෙත්සම් නිතිපතා නිකුත් කරනු ලැබේ.

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායකයකු වන අල්ලිරාජා සුබාස්කරන් විසින් 2006 දී ආරම්භ කරන ලද Lycamobile සමාගම ගෙවීමේ ක්‍රමයට ගත හැකි සිම් කාඩ්පත් අලෙවිය සම්බන්ධයෙන් විදේශයන්හි මෙන්ම එක්සත් රාජධානියේ සිටින අඩු වැටුප් සහිත කම්කරුවන් අතර ප්‍රචලිතව තිබිණි.

සමාගම 2022 දී පවුම් මිලියන 145කට වඩා වැඩි ආදායමක් උපයා ඇති අතර එය දැන් පාඩු ලබමින් සිටී.

එහි ගිණුම් ප්‍රමාද වී ගොනුකර ඇති අතර එම තත්ත්වය එහි විගණකවරුන් ද ව්‍යාකූල කර ඇත.

අනුප්‍රාප්තික ගිණුම්කරණ සමාගම් Lycamobile හි පොත්වල අවිධිමත් බව පිළිබඳ කණස්සල්ල පළකර තිබිණි.

වසර හතක් පුරා පාරිභෝගිකයන්ට අලෙවි කරන ලද දුරකථන සිම් මත වැට් බද්දට සැළකීම සම්බන්ධයෙන් Lycamobile සමාගම බ්‍රිතාන්‍ය ප්‍රධාන ආදායම් සහ රේගු ආයතනය සමඟ වසර අටක ගැටුමක සිරවී ඇත.

පසුගිය මාසයේ බ්‍රිතාන්‍ය ප්‍රධාන ආදායම් සහ රේගු ආයතනයට පක්ෂව තීන්දුවක් දුන් බදු විනිශ්චය සභාවකට අනුව ගැටලු පවතින මුදල් ප්‍රමාණය පවුම් මිලියන 51කි.

මෙම වසර මුලදී ගොනු කළ ගිණුම්වලදී, Lycamobile සමාගමට විය හැකි පිරිවැය පවුම් මිලියන 99ක් ලෙස ගණන් බලා ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රධාන ආදායම් සහ රේගු ආයතනය විසින් Lycamobile UK Ltd සමාගමට එරෙහිව ගෙවීම් අවසන් කරන ලෙස දැන්වීමේ පෙත්සම ඊයේ නිකුත් කර තිබේ.

Lycatel Services Ltd සහ, Lycamoney Financial Services Ltd. යන එම සමාගමේ සහෝදර සමාගම්වලට එරෙහිව ද සමාන පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම සමාගම් සියල්ල Lycamobile හි නිර්මාතෘ සහ සභාපති වන බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායකයකු වන සුබාස්කරන් සතු වේ.

https://www.theguardian.com/business/article/2024/aug/14/tory-donor-lycamobile-handed-winding-up-order-from-hmrc-amid-tax-dispute

 

56.8%
18.59%
20%