October 26, 2024

මිරිහාන, ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක තිබී එම මෝටර් රථය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් ජීප් රථයකි.

මෙය ලියාපදිංචි නොකළ වාහනයක් ද යන්න පිළිබඳව පොලිසියෙන් වැඩිදුර තොරතුරු ජනමාධ්‍යය වෙත හෙළිකර නැත.

42.31%
17.27%
32.76%