December 8, 2023

LTTE සංවිධානයේ හිටපු ප්‍රධාන මූල්‍ය විගණක නිලධාරිනිය වූ පාතාංජලී භාරතී නමැති කාන්තාව හෘදයාබාධයකින් පසුගියදා (06) ප්‍රංශයේදී මියගොස් තිබේ.

යුද සමයේදී කොටි සංවිධානය සතු සියලු මුදල් විගණනයට ලක්කර ඇත්තේ ඇය විසින් බව පැවැසේ.

යුද්ධය හමාරවීමට ආසන්නයේ දී ඇය ප්‍රංශයට පළාගොස් එහි සිටි දෙමළ ව්‍යාපාරිකයකු සමග විවාහ වී ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇත.

ඇගේ සැමියා ද කොටි සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කරන ලද ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස සැළකේ.

සිවනේසන් බාබු නමැති ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිඳ හෘදයාබාධයක් නිසා රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බවයි.

ප්‍රංශයේ චෙරන් වැනිෆාම් නමැති ව්‍යාපාර සමූහයේ අයිතිකරු තම බිරිඳ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%