July 27, 2024

යුරෝපා සංගමයේ කවුන්සිලය (EU) විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයට යුරෝපා සංගමය තුළ තහනම් කිරීම තවත් මාස හයක කාලයක් සඳහා අලුත් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

යුරෝපා සංගමය සිකුරාදා (ජූලි 26) ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අදහසින් 2001/931/සීඑෆ්එස්පී පොදු ස්ථාවරය මගින් සකස් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව අලුත් කරන ලද අතර එහිදී එල්ටීටීඊය තවදුරටත් මාස හයක් යුරෝපා සංගමය තුළ තහනම් කර ඇත.

තහනම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස්කිරීමට යටත් වන අතර, යුරෝපා සංගම් ආයතන විසින් තහනම් කරන ලද සංවිධානවලට අරමුදල් සහ ආර්ථික සම්පත් ලබාදීම තහනම් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.