June 27, 2024

ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 2024 තරගාවලිය එහි ආකෘතියට ‘පවර් බ්ලාස්ට් ඕවර්ස්’ නමින් නව එකතු කිරීමක් නිවේදනය කර ඇත.

මෙම විශේෂාංගය ඉදිරි තරගාවලියේදී දී දැකගත හැකිවනු ඇත.

එහිදී එක් එක් තරඟය සඳහා නව මට්ටමේ තීව්‍රතාවයක් සහ උපාය මාර්ගයක් එක්කරනු ඇත.

‘පවර් බ්ලාස්ට් ඕවර’ සමන්විත වන්නේ එක් එක් කණ්ඩායමට ඔවුන්ගේ ඉනිමේ 16 වැනි සහ 17 වැනි ඕවරවල දී වේගයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව සලසමිනි.

මෙම කාලසීමාවට යාර 30 කවයෙන් පිටත සිටීමට ඉඩදෙනු ලබන්නේ පන්දු රකින්නන් හතරදෙනකුට පමණි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රබෝධමත් බව තවදුරටත් ඉහළ නැංවීම මෙම විශේෂන්ගයේ අරමුණ බව ලීගයේ තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල ප්‍රකාශ කරයි.

සාම්ප්‍රදායිකව, ක්‍රිකට් තරඟ සෑම ඉනිමකම පළමු ඕවර හය තුළ Power Play අවස්ථාව ලබාදෙයි.

‘පවර් බ්ලාස්ට් ඕවර’ හඳුන්වාදීම ක්‍රීඩාවේ උපායමාර්ගික පරිණාමයක් සනිටුහන් කරයි.

කණ්ඩායම්වලට ඔවුන්ගේ ඉනිමේ තීරණාත්මක අවසාන අදියරේදී ඔවුන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමට මෙය අමතර අවස්ථාවක් සපයයි.