April 26, 2025

වෙළෙඳසැලක් තුළට ලොරි රථයක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ජදුර විහාරස්ථානයට පිවිසෙන මංසන්ධිය ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත.

මහමාර්ගයට යාබදව පිහිටි වෙළෙඳසැලක් තුළට පාලය ගිළිහුණු ලොරි රථයක් කඩාවැදීමෙන් ඊයේ (25) පස්වරුවේ සිදුවූ මෙම අනතුරකින් එක්අයකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.