Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ඩොලර් මිලියන 500ක කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා කැනඩාව පදනම් කරගත් ශ්‍රී ලංකා සම්භවයක් ඇති ව්‍යවසායකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
කර්මාන්ත පුරය ඉදිකරනු ලබන්නේ රජය විසින් පවත්වාගෙන යනු ලබන අක්‍රිය වූ සිමෙන්ති කර්මාන්ත ශාලාවකට අයත් අක්කර 700ක භූමි ප්‍රමාණයකය.
පෞද්ගලික – රාජ්‍ය හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති ඉඩමේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ආයෝජකයන් ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරනු ඇත.
කැනේඩියානු ව්‍යවසායකයන් මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් ගොඩනඟන අතර ඔවුන්ගේ පිරිවැය අයකර ගැනීම සඳහා කලාපයට ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට නියමිතය.
කලාප ක්‍රියාකරුවන්ට ගොඩනැගිලි ඉදිකිරීම සහ ප්ලග් ඇන්ඩ් ප්ලේ කර්මාන්තශාලා පිරිනැමීම තෝරාගැනීමට අවස්ථාව ලැබේ.
ඇමැති අමුණුගම පවසන්නේ කර්මාන්තශාලා තැනීම හෝ හිස් ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ට තීරණය කළ හැකි බවයි.
අභාවයට ගිය සිමෙන්ති කම්හලේ අක්කර 100ක පමණ හුණුගල් පමණක් ඇති බවත් එය සිමෙන්ති කම්හලක් දිගු කලක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු පැවසීය.
එක කාලයක හුණුගල් අක්කර 500ක් පමණ තිබූ නමුත් දැන් ජනාවාස ඇති වී ඇති අතර ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම ප්‍රායෝගික නැති බව ඔහු පෙන්වාදෙයි.
කෙසේවෙතත්, හුණුගල් කුඩා ප්‍රමාණයකින් කර්මාන්තශාලාව පණ ගැන්වීමට ආයෝජකයකු කැමති නම්, තේරීම ඔවුන්ට පැවරී ඇති බව ඇමැති අමුණුගම සඳහන් කරයි.
කර්මාන්ත පුරයට කන්කසන්තුරේ වරාය සමඟ සම්බන්ධතා ගොඩනගා ගතහැකි බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart