Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (02) රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ මහ රෝහලට මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නීතිවිරෝධී ලෙස පිටරටින් ගෙන්වා ශ්‍රී ලංකාවේදී එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අවසරය මත සෙනසුරාදා දින බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබිණි.
නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ ඔක්තෝබර් 31 වැනිදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් 2024 ඔක්තෝබර් 26 වැනි දින ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක නවතා තිබූ අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ.
හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ බිරිඳයි.
පරීක්ෂණවලදී රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පැහැදිලි කර ඇත්තේ ඔහුගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.
පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගොස් සිටි රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අදාළ මෝටර් රථය සති තුනකට පෙර එහි ගෙනවිත් ඇති බව ඔවුන් කියා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart