June 30, 2023

එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති සහ වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් 2021 දී වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වී රැඳවියන් කිහිපදෙනෙක් බියගැන්වීමේ සිද්ධිය පිලිබඳ විමර්ශනය කළ ඒකපුද්ගල කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

එවකට අධිකරණ ඇමැතිවරයා සහ වත්මන් විදේශ කටයුතු ඇමැතිවරයා වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් ඇමැති මණ්ඩලයේ උපදෙස් පරිදි එම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ සාමාජිකත්වයෙන් යුත් ඒකපුද්ගල කමිටුව පත් කරන ලද අතර, එහි අවසන් වාර්තාව මේ වන විට ප්‍රසිධියට පත්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බැවින්, අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පවසයි.

එම ඒකපුද්ගල කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවට අනුව රාජ්‍ය ඇමැතිවරයා සිදුකළ අපරාධ ක්‍රියාවන් කිහිපයක් ගැන සාක්ෂි ඇත.

ඒ අනුව, බන්ධනාගාරය තුළ ආයුධයක් භාවිත කිරීම (බන්ධනාගාර ආඥාපනත), වරදක් කිරීමට ආයුධයක් භාවිත කිරීම (ගිනි අවි ආඥාපනත), සහ රජය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීම, එහි ජනතාව අතර රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීම, මිනීමැරීමට උත්සාහ කිරීම, සාපරාධී බිය ගැන්වීම දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධාන යටතේ නියම කර ඇති භයානක ආයුධයකින් මරණ තර්ජනය කිරීම, සහ තුවාල කිරීම ඒ අතර වේ.

(The Morning)