December 6, 2024

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධ චෝදනා මත පසුගියදා ඇප මත නිදහස් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යළිත් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙවර ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ, බීමතින් රිය පැදවීමේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.

කොල්ලුපිටියේදී ලොහාන් රත්වත්තේව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද සහ ලියාපදිංචි නොකළ Lexus SUV රථයක් සම්බන්ධ නඩුවකින් ලොහාන් රත්වත්තේට ඇප නියමවූයේ ඊයේ දිනයේදීය.

42.31%
17.27%
32.76%