March 20, 2025

කොල්ලුපිටියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද මෙම නියෝගය නිකුත් කළේ, සිද්ධියට අදාළව ඇප මත සිටින ලොහාන් රත්වත්තේගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

විත්තිකරුවන්ට රුපියල් මිලියනයක මුදලක් ලබාදී සමථයකට පත්වීමට දෙපාර්ශවයම එකඟ වූ බව අධිකරණයට දන්වා තිබේ.

ලොහාන් රත්වත්තේ 2024 දෙසැම්බර් මාසයේදී බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවූ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබිණි.

අනතුරින් පසු හිටපු අමාත්‍යවරයා අනෙක් වාහනයේ සිටි නීතිඥයකුට සහ ඔහුගේ කනිෂ්ඨ නිලධාරියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කර ඇත.