December 9, 2024

බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අද ඇප හිමිවිය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ලොහාන් රත්වත්තේගේ වාහනය ගැටීමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයාවි ඇත.

ඔහු අද (9) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරිණි.

42.31%
17.27%
32.76%