
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ(29) එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළදපොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්‍රථම අවස්ථාව වේ.
ඒ අනුව මෙම ටින් මාළු තොගය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වෙත අපනයනය කෙරේ.
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන නව රජයේ දැක්ම පෙරදැරිව මෙරට ඉතිහාසයේ ටින් මාළු අපනයනය කරන ප්‍රථම අවස්ථාව 2025 මාර්තු 29 දින බව ඉතිහාස ගතවන බවයි.
මෙරට දෛයිනික ටින් මාළු පරිභෝජනය ලක්ෂ තුනක් බවත්, දිනකට ටින් මාළු ලක්ෂ පහක් නිෂ්පාදනය කිරීමේ දාරිතාවයක් ඇති බවත්, ඒ අනුව ටින් මාළු අපනයනයෙන් 2025 වර්ෂයේ දී ඩොලර් මිලයන 8ක් මෙරටට ගෙන ඒමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම ටින් මාළු තොගයෙහි එක් බහාලුමක කෑන් 48000කින් යුක්ත වේ.
ඉන් ඩොලර් 38,000 – 40,000ත් අතර විදේශ විනිමය මෙරටට හිමි වේ.
Ocean food ආයතනය විසින් ධීවරයින් මුහුදින් අල්ලන මාළු ගුණාත්මක මට්ටමින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව දේශීය ධීවර යාත්‍රාවන් මුහුදින් මාළු අස්වැන්න නෙලාගෙන දින දෙකක් ඇතුලත දී Ocean food ආයතනයේ නැව් මගින් එම අස්වැන්න රැගෙන ශීතාගාර තුළ තැන්පත් කර කඩිනමින් කර්මාන්ත ශාලාව වෙත ගෙන ඒම සිදු කරයි. එම නිසා පසු අස්වනු හානිය සිදුවන්නේ නැත.
පසු අස්වනු හානිය අවමකිරිම මෙම ආයතනයේ ප්‍රධාන ඉලක්ක අතර වේ. එමෙන්ම අපනයනයට වඩාත් සුදුසු තත්වයේ මාළු කෑනයක් නිෂ්පාදනය කිරීමට මෙම ක්‍රමවේදය බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම මේ මගින් ධීවරයින්ට වැඩි මිලක් මුහුදේ දී හිමි වන අතර නැවත කඩිනමින් මාළු අස්වැන්න නෙලාගැනීම සඳහා අවශ්‍ය පහසුකම ද හිමි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart