Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණය සඳහා විවිධ පකෂවලින් නාමයෝජනා පත්‍ර භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මේ වනවිට වෙනත් පක්ෂවලට සම්බන්ධ වීම සහ සහාය දැක්වීම හේතුවෙන් දැනට ඉදිරිපත් කර අවසන් නාමයෝජනා පත්‍ර අවුල් සහගත තත්ත්වයක පැවතිය ද ලබන වසර මුලදී එම නාමයෝජනා සමග මැතිවරණය පැවැත්වීම හැර මැතිවරණ කොමිසමට වෙනත් විකල්පයක් නොමැති බව වාර්තා වේ.
නාමයෝජනා භාරගැනීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එවක පැවති රජය මැතිවරණය අවසන් කිරීමට මූල්‍යමය බාධාවන් ඉදිරිපත් කළේය.
පසුව එම නඩුව අධිකරණයේ විභාග විය.
එම නඩු විභාගය අවසන් වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට නියෝග කරමිනි.
පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් ඇමැතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරකට අදාළවය.
සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
මහමැතිවරණය දැන් අවසන් වී ඇති බැවින් දැන් මැතිවරණ පැවැත්වීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. ඒ රත්නායක පවසා තිබුණේ අපේක්ෂකයන්ගේ දේශපාලන හිතවත්කම් වෙනස් වුවද තම කාර්යාලය ඡන්ද විමසීම සිදු කරන බවයි.
නාමයෝජනා පත්‍ර භාරදීමේ සිට ගත වූ කාලය තුළ ඇතැම් අපේක්ෂකයන් විවිධ පක්ෂවලට තම පක්ෂපාතීත්වය මාරු කර තිබේ.
එසේම, භාරදුන් නාමයෝජනා ලැයිස්තු පිළිබඳ ප්‍රශ්න මතු කරමින් එතැන් සිට නව දේශපාලන හැඩතල ද මතුවී තිබේ.
කෙසේවෙතත්, මෙම වෙනස්කම් සම්බන්ධයෙන් මැතිවරණ පැවැත්වීම හැර වෙනත් කිසිවක් තම කාර්යාලයට කළ නොහැකි බව රත්නායක සඳහන් කර තිබේ.
“මේ ප්‍රශ්න අපිට පාලනය කරන්න බැහැ. ඒවාට ආමන්ත්‍රණය කිරීම අපේ යුතුකමක් නොවේ. අධිකරණ තීන්දුවට ගරු කරලා මැතිවරණ පවත්වන්න ඕන.” මැතිවරණය පැවැත්විය හැක්කේ ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී පමණක් බව ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart