![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Anura-Dubai-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලුම සමුපකාර, ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන පවසයි.
සමුපකාරවලට ඡන්ද මගින් තේරීපත් වූ නිලධාරීන් විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ මහරගම බැංකුව ඇතුළු ග්‍රාමීය බැංකුවලට සම්බන්ධ සැළකිව යුතු වංචාවන් කිහිපයක් අනාවරණ වී ඇති බවයි.
රත්මලාන ග්‍රාමීය බැංකුවේ ඊට සමාන මුදලක් ද, ගම්පහ බැංකුවේ රුපියල් මිලියන 750 කට ආසන්න වංචනික ක්‍රියාකාරකම්ද සිදුකර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මුදල් රැස්කර ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන සමුපකාර ආයතන නැවත දැනුම්දෙන තුරු ලියාපදිංචි කිරීමට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කරයි.
ඊට අමතරව මේ වන්විටත් එවැනි මූල්‍ය වංචාවලට හසුව සිටින ගනුදෙනුකරුවන්ට සාධාරණය ඉටු කරන බවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මෙම ගැටළු විසඳීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීමට සූදානම් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart