Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල්ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය මිලියන 15ක් පමණ අඩු වී ඇති බවයි.
2022 වසරේදී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබේ.
2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල්, 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්රමාණයකි.
2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව පැවැසීය.
මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මානය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් ඇමැතිවරයා පැවසීය.
ඇමැතිවරයා සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවයි.
නීත්‍යනුකූල මධ්යසාරසල් ඇතිවීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුව ද සිදු වන්නේ නීත්‍යනුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බව ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් සිදු කළ යුත්තේ ඒවාට වැට බැඳීම සහ අහිමි වන බදු ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම බව රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියා සිටියේය.
රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි.
මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart