October 18, 2023

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන සඳහා ලබාදී තිබූ ‘මෘදු මත්පැන් බලපත්‍ර'(බියර්, වයින් ආදිය) සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අභියාචනාධිකරණයේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපන ශාලා සහ සංචාරකයන්ට සේවා සපයනු ලබන ආයතන වෙත ලබාදී ඇති බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබේ.

42.31%
17.27%
32.76%