Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හත්දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ.
මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්ර ලබාගෙන ඇති මන්ත්රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්රික්කයේ දෙදෙනෙක්, ගම්පහ දිස්ත්රික්කයේ දෙදෙනෙක්, කොළඹ දිස්ත්රික්කයේ මන්ත්රීවරයෙක් සහ දකුණු පළාතේ දෙදෙනෙක් ඇතුළත් වෙයි.
ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්ර ලබාදී ඇතැයි දැනගන්නට ඇත.
විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණයවී ඇතැයි පැවසෙන්නේ ඒ ඒ දිස්ත්රික්කවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මාර්ගයෙනි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් රැසකට ද මත්පැන් බලපත්ර පසුගිය දිනවල ලබාදී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී ද පසුගියදා සංවාදයක් ඇතිවිය. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart