Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සෙවණගල සීමාසහිත ලංකා සීනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්, සේවකයින් සහ ගොවීන් හමුවී සාකච්ඡා පැවැත්විණි.
ඉන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එතනෝල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
”සීනිවල අතුරු ඵලයක් තමයි එතනෝල් නිෂ්පාදනය. ඒත් පහුගිය කාලයේ දිගටම අරක්කු නිෂ්පාදනය සඳහා බඩඉරිගු පාවිච්චි කරපු නිසා බාල වර්ගයේ බඩඉරිඟු අඩු මිලට අරගෙන ජනතාවට අහිතකර අරක්කු නිෂ්පාදනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එතනෝල් ලීටරයක් උක්ගස්වලින් හදනකොට මිල තිබුණා. රුපියල් 800 ක් 1000 ක් විතර. නමුත් ඒගොල්ලෝ තුන්වන මට්ටමේ බඩ ඉරිඟු මිලදී ගන්නකොට රුපියල් 173 කට විතර ලීටරයක් හදන්න පුලුවන්. රුපියල් 173 ට විතර එතනෝල් ලීටරයක් හදන ඒවා තමයි ඔය 3800 කට විතර අරක්කු බෝතලයක් දෙන්නේ.
ඒක නිසා අසාධාරණයකට ලක්වෙනවා අරක්කු බොන මනුස්සයා. හාල් පාවිච්චි කරනවා බියර් නිෂ්පාදනයට. ඒ නිසා හාල්වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හාල් නෑ. බඩ ඉරිඟු බඩ ඉරිඟු වලින් නිෂ්පාදනය කරන ඒවට නෑ. නමුත් උක්ගස්වලින් හදන්න පුලුවන් එතනෝල් විතරයි. වෙනදෙයක් හදන්න බෑනේ. ඒක නිසා මේ ආණ්ඩුවේ අදාළ අංශවලට යෝජනා කරලා තියෙනවා දැන් මේ බඩ ඉරිඟු එතනෝල්වලට භාවිත කරන අයට අවම මිලක් දාන්න කියලා. මේ වෙනකොට ලංකාවේ දවසකට ලීටර් 250,000 කට වැඩිය නීතිවිරෝධී මත්පැන් මිනිස්සු පාවිච්චි කරනවා කිසිම ප්‍රමිතියක් නැතුව. ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා.
මෙන්න මේ සීනිවල අතුරු ඵලයක් හැටියට තියෙන එතනෝල්වලින් අරක්කු නිෂ්පාදනය කරන්න. අඩු වියදමකින්. හැබැයි ප්‍රමිතිය සහිතව. ඒකෙන් අපි අරක්කු ප්‍රවර්ධනයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් මේ නීතිවිරෝධී මත්පැන් පානයට පුරුදුවෙලා ඉන්න ජනතාව, ඒක නිසා තමන්ගේ ආදායම අහිමි වෙන ජනතාව ඒකෙන් මුදවගන්න. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart