Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.
ඡන්දයෙන් ගනුදෙනුව බේරාගන්නා බවත් රට පනින්න ඉඩ නොදෙන අතර හැංගෙන්නට ඉඩක් නොලැබෙන්නේ යැයි වසන්ත සමරසිංහ කළ තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බව කී බන්දුල ගුණවර්ධන, හඩ්ඩලාට නවතින්න වන්නේ හඳේ තමයි යනුවෙන්ද ඔහු සඳහන් කර ඇතැයි කීය.
ඡන්දයෙන් පසුව රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ නියෝජිතයෙන් බැවින් ඔවුන් ඒ ගැන බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ කියා ඇතැයි ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙවැනි තර්ජන නතර කරන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවත්, මාධ්‍යකරුවකුට තර්ජනයක් තිබේ නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් බන්දුල ගුණවර්ධන පැවසීය.
ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කටයුතු කරමු යැයි යෝජනා කරන බව ද ඇමැතිවරයා කීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart