Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුනාමියෙන් මියගිය දහස් ගණනක් අතරේ කරාපිටිය රෝහලට පමණක් ගෙන එන ලද මළසිරුරු සංඛ්‍යාව 1200කට අධිකය.
ඒවායින් මළසිරුරු 300කට ආසන්න සංඛ්‍යාවක් අදටත් හඳුනාගෙන නැති බව කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර පවසයි.
සුනාමියෙන් මියගිය අය හඳුනාගැනීමට කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් ගත් ක්‍රියාමාර්ග නිසා මිහිදන් කිරීමෙන් පසුවද සිරුරු සිය ගණනක් හඳුනාගැනීමට හැකි වී ඇත.
එහෙත් වසර විස්සක් ගතවුවත් තවමත් හඳුනානොගත් 300කට ආසන්න පිරිසක් සමූහ මිනීවළේ අදටත් සැතපෙත බව අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
හදිසි මරණයකදි අඩුම වශයෙන් සාක්ෂි දෙකක්වත් කැඳවා මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු වුවත් සුනාමියෙන් හතළිස් දහසකට ආසන්න පිරිසක් දියේ ගිලි මියගියද, වෙනදා මෙන් ඒ එකකටවත් මරණ පරීක්ෂණ හෝ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූයේ නැත.
එදින කරාපිටිය රෝහලට ගෙන එන ලද මළසිරුරු සංඛ්‍යාව 1200කට අධික සංඛ්‍යාවෙන්, එදිනම රෝහලට පැමිණි ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ මළසිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දන්වා මිහිදන් කර ඇති අතර, පසුව පැමිණි පිරිස තවත් මළසිරුරු 550ක් පමණ හඳුනාගෙන ඇත.
එම මළසිරුරු වෙනුවෙන් මරණ සහතික නිකුත් කර ඇති අතර තවත් මළසිරුරු 450ක් හඳුනාගැනීමට ඥාතීන් කිසිවකුත් ඉදිරිපත් වී නැත.
මේ නිසා එම මළසිරුරු සමූහ මිනීවළක තැන්පත් කර තිබේ.
ඒවා තැන්පත් කර ඇත්තේ, ඡායාරූප ගෙන ලේඛනගත කිරීමෙන් පසුවය.
එසේ ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයට තැබීමෙන් පසු පැමිණි ඥාතීන් සියයකට ආසන්න පිරිසක් තම ඥාතීන් හඳුනාගත් නමුත් මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට පැවරුණේ බරපතළ වගකීමකි.
1000කට අධික මළසිරුරු සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු මෙහෙය වූ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර එදින පැවරුණු බරපතළ වගකීම පිළිබඳව මෙසේ විස්තර කර ඇත.
“සුනාමියෙන් සිදු වූ සියලුම මරණ හදිසි මරණයි. ඒ නිසා ඒවාට මරණ පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා කරාපිටිය රෝහලට වැඩිපුර හදිසි මරණ පරීක්ෂකවරුන් ගෙන්වාගත්තා. විශාල මළසිරුරු ප්‍රමාණයක් එකවර ගෙනා නිසා හඳුනාගත් අයට ඒවා ඉක්මනින් නිදහස් කළා. ඒවා කපා පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් දින ගණනකට පසුව ලැබුණු ඒවා කපා පරීක්ෂා කළා. මළසිරුරු පන්සිය පනහක් විතර නිදහස් කළ පසු හාරසිය පනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළසිරුරුයි. ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාම මියගිහිල්ලා. මෙතරම් මළ සිරුරු ප්‍රමාණයක් තබා ගැනීම අපට ප්‍රශ්නයක් වුණා. මළසිරුරු විශාල ප්‍රමාණයක් තැබීමට අධිශීතකරණ නැති නිසා අයිස් ගෙනැවිත් දැමීමට බැලුවා. අයිස් කුට්ටි ගෙනැවිත් ලීකුඩු සමග කලවම් කොට පැය විසි හතරකට වරක් දැමිය යුතුයි. නමුත් අයිස් කම්හල් සියල්ල ද විනාශ වී තිබුණා. ඊළඟට අපි බැලුවා එම්බාම් කිරීමට. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් එම්බාම් කිරීමට රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් තරමට තිබුණේ නැහැ. එනිසා ‘ලයිට් එම්බාම්’ එකක් කළා. එයින් මැස්සන් ඒම සහ පණුවන් ගැසීම වළක්වා පැය හතළිස් අටක් දක්වා තබා ගැනීමට පුළුවන් වුණා.
කිසිම කෙනෙකු නොහඳුනන අයෙක් ලෙස මිහිදන් නොකිරීම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය හා වගකීම වන්නේ. ඒ නිසා මළසිරුරු ඡායාරූපගත කර මිහිදන් කිරීමට මහෙස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබාගත්තා. සාමාන්‍ය ඡායාරූපවලින් හඳුනාගැනීම අපහසු නිසා මළසිරුරේ තිබූ ඇඳුම් සකස් කරල ඡායාරූප ගෙන වයස හැඩරුව උස අනුව ලේඛනගත කළා. එයට අමතරව පැළඳ සිටි ආභරණ, වෙනත් බාහිර ලක්ෂණ හා සන්තකයේ තිබූ දේවල් විවිධ කෝණවලින් ඡායාරූපගත කළා. මෙහිදී විශේෂයෙන් පරණ කැලැල් සහ පච්ච ආදිය ඡායාරූපගත කළා. ඒ සඳහා ඉහළ තාක්ෂණික කැමරා පාවිච්චි කළා. එපමණක් නොවෙයි ජාන පරීක්ෂණ සඳහා ද සමහර මළසිරුරුවල කොටස් ලබා ගත්තා. එය රුධිර සාම්පලම විය යුතු නැහැ. ඕනෑම සාම්පලයකින් ඩී.එන්.ඒ. පරීක්ෂණ කිරිමට පුළුවන්. එහෙත් එයට පළමු පියවරේ ඥාතීන් අවශ්‍යයි. ඒ කියන්නේ මව, පියා හෝ සහෝදර සහෝදරියනුයි. සුනාමියෙන් අතුරුදන්ව තිබූ අයගේ සිරුරු සියයක් පමණ පසුව සොයා ගනු ලැබුවා. ඒවායේ කොටස් ආරක්ෂාකාරීව තබාගෙන සිටියා. නමුත් එම සාම්පල නරක්වී තිබු නිසා වසර දහයකට පසු විනාශ කළා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart