Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව වාර්තා වේ.
දැනට ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීම සඳහා මීට පෙර සකස්කළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සඳහන් කරයි.
“පළාත් පාලන මැතිවරණය සඳහා දැනට පවතින නාමයෝජනා ලැයිස්තුව අවලංගු කිරීමට, මාස දෙකකට පෙර පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත්, තවමත් කිසිම තීරණයක් ගෙන නැහැ.
ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම කරුණ නැවත වරක් ඉදිරිපත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එදාට අපි නාමයෝජනා ලැයිස්තුව ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ලැයිස්තුව අවලංගු කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී කරුණු කිහිපයක් සාකච්ඡා කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.
“නාමයෝජනා අවලංගු කිරීමට තීරණය කිරීමට කළින් සාකච්ඡා කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි අවුරුදු 35ට අඩු අයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් පනතක් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ ගැන තීරණයක් ගන්න ඕනෙ. තවත් ප්‍රශ්නයක් තමයි පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8,000 සිට 5,000 දක්වා අඩු කිරීම සඳහා මැතිවරණ කොට්ඨාශ ප්‍රතිනිර්මාණය කළ සීමා නිර්ණ කමිටු වාර්තාවක් ඉදිරිපත් කර තිබීම. ඒ වාර්තාවේ ද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නම් අපි මේ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කළ යුතුයි. මේ සියල්ල සාකච්ඡා කළ යුතුව තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart