Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් තවත් පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක තියුණු ජයක් අත්කර ගැනීමට ආරම්භක පිතිකරු එවින් ලුවිස්, ෂර්ෆාන් රදර්ෆර්ඩ් සහ නායක ෂායි හෝප් සමත්වූහ.
වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයේ ජයග්‍රහණය සඳහා ඕවර 23කදී ලකුණු 195ක විශාල ඉලක්කයක් බටහිට ඉන්දීය කොදෙව්වන්ට හිමිවිය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලිය ජය ගනිමින් සැනසිලිදායක ජයක් ලැබීය.
හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් ඇතුළුව පන්දු 61 කදී නොදැවී ලකුණු 102 ක් රැස් කළ ලුවිස් ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය.
රදෆර්ඩ් පන්දු 26කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී අර්ධ ශතකයක් රැස්කළේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මන්දගාමී වේගයකින් ලකුණු රැස්කරගෙන සිටියද ස්ථාවර ප්‍රගතියක් ලබනු දක්නට ලැබිණි.
ඔවුන් දෙදෙනා පන්දු 68කදී ලකුණු 50ක් රැස්කළ අතර ඔවුන් දෙදෙනා තවත් ලකුණු 31ක් එක්කරමින් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගූ අතර ප්‍රනාන්දු දඟපන්දු යවන රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඔහු පන්දු 50කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් රැස්කළේය.
එහෙත් කඩුල්ල බිඳවැටීමෙන් පසු ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව ඕවර 17.2කට මුහුණ දී කඩුලු 1ක් දැවී ලකුණු 81ක් ලබා සිටියදී තරගය නතර කළේය.
පැය පහකට පසු නැවත ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට ඕවර 5.4ක් ඉතිරි කරමින් ඉනිම ඕවර 23කට සීමාවිය.
කුසල් මෙන්ඩිස් පන්දු 22කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart