November 16, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ පරිපාලනයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීම සඳහා ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ කැරොලයින් ලෙවිට් පත්කරන කරන බව නිවේදනය කළේය.

ඒ අනුව 27 හැවිරිදි ලෙවිට් එක්සත් ජනපද ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් වනු ඇත.

ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේදී ධවල මන්දිර මාධ්‍ය කාර්යාලයේ ද සේවය කළ කොංග්‍රසය සඳහා එක් වරක් අපේක්ෂකත්වය ද අදරා ඇති ලෙවිට් විශිෂ්ට ලෙස දස්කම් දක්වනු ඇති අතර අමෙරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත්කිරීමේ පණිවිඩය අමෙරිකානු ජනතාවට ලබා දීමට ඇය උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“කැරොලයින් දක්ෂ, දැඩි, සහ ඉතා ඵලදායී සන්නිවේදකයකු බව ඔප්පු කර තිබෙනවා,” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්පැවසීය.

නිව් හැම්ප්ෂයර් හි උපන් ලෙවිට් ඇගේ උපන් ප්‍රාන්තයේ කතෝලික විද්‍යාලයක් වන ශාන්ත ඇන්සල්ම් විද්‍යාලයේ සන්නිවේදන සහ දේශපාලන විද්‍යාව හැදෑරුවාය.

ඇය පාසල් වියේදීම Fox News හි සහ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයේ සීමාවාසික පුහුණව ලබා තිබේ.

ඇය 2020 දී පවසා තිබුණේ මෙම අත්දැකීම් තුළින් ඇය පුවත්පත් ලෝකය පිළිබඳ පළමු අත්දැකීම ලබා ගත් බවයි.

ලෙවිට් 2019 දී උපාධිය ලැබීමෙන් ටික කලකට පසු ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය සඳහා ධවල මන්දිරය වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගෙන තිබිණි.

ඇය පසුව සහකාර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2022 දී කොංග්‍රසයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වී ඇත.

පසුව මහ මැතිවරණයේදී හැම්ප්ෂයර් හි ඩිමොක්‍රටික් පාක්ෂික ක්‍රිස් පපාස්ට පරාජය වී තිබේ

ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, ලෙවිට්, එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස සේවය කිරීමට නම් කර සිටින ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කර ඇති ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් කොංග්‍රස සභිකාවක් වන රෙප් එලිස් ස්ටෙෆනික්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස සේවය කර තිබේ.

ඇය සිය ප්‍රචාරක වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපත්තිමය ස්ථාවරයන් බොහෝ දුරට ට්‍රම්ප්ගේ ප්‍රමුඛතා බොහොමයක් සමඟ සමපාත වේ.

ආර්ථිකය සම්බන්ධයෙන් ‘බදු කපා හැරීමට’ සහ ‘නීතිවිරෝධී සංක්‍රමණ සඳහා ZERO tolerance’ ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ශක්තිමත් දේශසීමා වෙනුවෙන් ඇය පෙනී සිටි අතර දේශසීමා තාප්පය නිම කිරීම සහතික කිරීමට තමා කටයුතු කරන බව පවසා ඇත.

2024 ජනවාරි මාසයේදී ඇය ට්‍රම්ප්ගේ එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා වූ තුන්වැනි අවස්ථාව වෙනුවෙන් ඔහුගේ ප්‍රචාරක මාධ්‍ය ලේකම් ලෙස සම්බන්ධ වූවාය.

දැන්, ඇය එක්සත් ජනපද ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස සේවය කිරීමට තෝරාගෙන ඇත.

Ron Ziegler මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබේ.

1969 දී ඔහුට වයස අවුරුදු 29ක් වූ ඔහුව රිචඩ් නික්සන් ජනාධිපතිවරයා විසින් එම තනතුරට පත් කරන ලදී.

ට්‍රම්ප්ගේ පළමු පරිපාලනයේ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් අතර ආතතියට තුඩු දුන් අවස්ථා ගණනාවක් ධවල මන්දිරයේ සාකච්ඡා කාමරයේ දී සටහන් වූ අතර ට්‍රම්ප් ඔහුගේ පළමු සිව් අවුරුදු ධුර කාලය තුළදී ෂෝන් ස්පයිසර්, සාරා හකබී සැන්ඩර්ස්, ස්ටෙෆනි ග්‍රිෂාම් සහ කේලී මැක්නානි ඇතුළු මාධ්‍ය ලේකම්වරුන් කිහිප දෙනෙකුට මාරු වී තිබිණි.

2021 ජනවාරි 6 පැවති කැපිටල් කෝලාහලයෙන් පසු ග්‍රිෂාම් තමන් පසුව පත්ව සිටි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී ට්‍රම්ප් විවේචකයකු බවට පත්ව ඇත.

මැක්නානි තේරී පත් වූ ජනාධිපතිවරයා වෙනුවෙන් ෆොක්ස් නිවුස් හි දිගටම පෙනී සිටියේය.

42.31%
17.27%
32.76%