December 18, 2024

හැටන් පෝර්ඩියස් වත්තට යාබද කැලෑවේ නිතර දක්නට ලැබෙන කඳුකර දිවියෙකු මරා හිස සහ පාද කපා රැගෙන ගොස් ඇත.

මද්දකට හසුකර දිවියා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

හැටන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නල්ලතන්නිය වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

හොඳින් වැඩුණු මෙම දිවියාගේ වයස අවුරුදු දහයක් පමණ වන අතර, උගේ සිරුරේ හිස සහ පාද කපා වෙන්කර ඇති බව පැවැසේ.

සත්වයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය ඒකකයට යොමුකරන බව වනජීවී නිලධාරීහු පවසති.

හැටන් පොලිසියේ සහය ඇතිව වනජීවී නිලධාරීහු සිය පරීක්‍ෂණ පවත්වති.

42.31%
17.27%
32.76%