November 28, 2024

ගංවතුරින් බේරීම සඳහා මුලතිව්, ඉලංගෝවපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ දිවියකු වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් අල්ලා ආරක්ෂිත ස්ථානයකට මුදාහැර තිබේ.

මුත්තියකට්ටු ජලාශය ඇතුළු වැව් කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් කැළෑබද ප්‍රදේශ සහ ගම්මාන ජලයෙන් යටවී තිබේ.

දිවියා නිවෙසට ඇතුළුවී ඇති බව දැක නිවැසියන් බියට පත්ව ඇත.

පසුව ලැබුණු තොරතුරක් මත කිලිනොච්චියේ සිට පශු වෛද්‍යවරයකු ඇතුළු වනජීවී සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සත්වයා අල්ලා නිරුපද්‍රිතව මුදාහැර තිබේ.

හොඳින් වැඩුණු දිවියාගේ වයස මාස හයක් පමණ වන බවත් අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන්වලදී කිඹුලන් ඇතුළු වන සතුන් නිතර නිතර මිනිස් වාසස්ථානවලට පැමිණෙන බවත් වනජීවී නිලධාරීහු පවසති.

42.31%
17.27%
32.76%