Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ ක්‍රියාමාර්ගය නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති බවත් ඒවා ක්‍රියාත්මක කිරීම අනෙකුත් ආයතනවලට පැවරී ඇති බවත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය වැනි විවිධ ආයතනවලට නිර්දේශ ඉදිරිපත් කළා. මේ වන විට පුද්ගලයන් 79 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ නඩු 41ක් පවරා තිබෙනවා. ජනාධිපති කොමිසමේ අනෙකුත් නිර්දේශ පොලිසිය වැනි අනෙකුත් ආයතන විසින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි,” යැයි ද ඇමැතිවරයා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිටත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
“සිරිසේන මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම අධිකරණය ඉදිරියේ විභාග වන දෙයක් ගැන කතා කිරීමක් වනවා ,” යැයි ඔහු පැවසීය.
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දන්නා සියලු දේ හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දන්නා දේ පාර්ලිමේන්තුවේදී හෙළි කරවීමට කථානායකවරයාට අයිතියක් තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart