April 28, 2024

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය බාරගැනීමට නියමිත බව වාර්තා වේ.

2024 මැයි මස 03 වැනිදා සිට ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා අනාවරණය කරයි.

මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ විලී ගමගේ විශ්‍රාම යෑම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු විය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය බාරගැනීම හේතුවෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය හිටපු කැබිනට් ඇමැතිවරයකු වන නසීර් අහමඩ් පත්කර ඇතැයි වාර්තා වැඩිදුරටත් හෙළිකරයි.

නසීර් අහමඩ් මිට පෙර පරිසර ඇමැති ධූරය දැරූ අතර පක්ෂ මාරුකිරීම හේතුවෙන් උසාවි නියෝගයකට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සහ ඇමැති ධූරය අහිමිවිය.

42.31%
17.27%
32.76%