
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර සියලුම නීතීඥවරුන් පරීක්ෂාවකට ලක්කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පාතාල නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට ලක්වූ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
නීතීඥයකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර, සීසීටීවී දර්ශනවලින් ද මේ වනවිට එම සැකකරු හඳුනාගෙන තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අධිකරණ සංකීර්ණයේදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවයි.
රටේ සිදුවන අපරාධ මැඩළීම සඳහා පාතාල හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව ද ඔහු එහිදී පැවසීය.
අද සිදුවූ වෙඩිතැබීමේදී සැකකරුවන් උසාවි පරිශ්‍රයේදී නීතීඥවරුන් පරීක්ෂාවට ලක්නොවීම ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙන්වා පොලිස්පතිවරයා පැවසුවේ ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර නීතිඥවරුන් ද පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගන්නා බවයි.
මේ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ද ඉල්ලා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart