Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් නීතිඥවරයකුට මාස අටක කාලයක්, නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.
පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමක් සිය ජංගම දුරකථනය මඟින් පටිගත කිරීමට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස අත්හිටුවීමට නියෝග කරන ලදී.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාම් මොහොමඩ් ෂමීන් නමැති මෙම නීතිඥවරයාගේ නීතිඥභාවය මෙලෙස අත්හිටුවා තිබේ.
අදාළ නීතිඥවරයාට එරෙහිව අදාළ කොමිසමේ ලේකම්වරයා විසින් ගොනුකළ පැමිණිල්ලකට අදාළව කරුණු විභාග කර අවසානයේ එහි තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය ලබාදී ඇත.
බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදී.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සිදුකෙරුණු ඉකුත් 2020 සැප්තැම්බර් මස 09 වැනිදා “සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව” වෙනුවෙන් “මොහොමඩ් මුර්සියා මර්ෂා මුල්ලා” විසින් සාක්ෂි ලබාදෙමින් සිටි බව අදාළ තීන්දුවේ සඳහන් වේ.
එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සිය ජංගම දුරකතනය මඟින් එම සාක්කි ලබා දීම පටිගත කර ඇත.
ඒ සම්බන්ධයෙන් කොමිසමේ ලේකම්වරයා විසින් නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීති කඩ කිරීම යටතේ නඩු විභාගයක් පවත්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart