Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙයට වසර කිහිපයකට පමණ එනම් 2021 වසරේ දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබියදී, සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක් රැගෙන එම ස්ථානයට කඩාවැදී විනය පරීක්ෂණය පැවැත් වූ නීතිඥවරයා ඇතුළු තිදෙනකුට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී තිබූ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (01 දා) අභියාචනාධිකරණය හමුවේ දී පෙත්සම්කාර පාර්ශ්වයෙන් සමාව අයැද සිටියේය.
පළමු වගඋත්තරකාර උප පොලිස් පරික්ෂකවරයා නිතිඥ මියුරු ඉගලහේවාගෙන් මෙන්ම එම පෞද්ගලික ආයතනයේ මානව සම්පත් කළමනාකාරිනිය සහ සහකාර මානව සම්පත් කළමනාකාරවරයා වෙත පැමිණ සිංහල ක්‍රමයට ආචාර කර වැඳ සමාව අයැද සිටියේය.
පොලිස් නිලධාරීන් ඔවුන් වෙත පැවරී ඇති රාජකාරී කටයුතු ඉටුකිරීමේදී පොලිස් රෙගුලාසි අනුව මෙන්ම රටේ පවතින නීති රීති අනුව කටයුතු කළ යුතු බවත් ජනතාව සතු මූලික අයිතිවාසිකම් රැගෙන අයුරින් කටයුතු කිරීමට ඔවුන් වෙත දැඩි වගකීමක් ඇති බවත් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරිය ලෙස කටයුතු කළ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති පෙන්වා දුන්නාය.
යම් පොලිස් නිලධාරියකු යම් වැටළීමක් හෝ වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා යම් ස්ථානයකට යන්නේ නම් පොලිස් නිල ඇඳුම් හා රාජකාරි හැඳුනුම්පත භාවිත කිරීම අනිවාර්ය වන්නේ යැයිද පැවසූ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති, එසේ නොවන එය නීත්‍යානුකූල වැටළීමක් ලෙසින් නොව පාතාල කල්ලියක් සිදුකරන පාතාල මෙහෙයුමක් ලෙසට ජනතාව තේරුම් ගැනීම වැළැක්විය නොහැකි යැයිද පැවසුවාය.
උප පොලිස් පරීක්ෂකවරයා අමතමින් විනිසුරුවරිය පැවසුවේ පෙත්සම්කාර පාර්ශ්වය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේ නම් ඔවුනට වන්දි ගෙවීමටද වගඋත්තරකරුට සිදුවිය හැකිව තිබූ බවය.
එම පෙත්සම් බේමා ස්වර්ණාධිපති හා මොහොමඩ් ලෆාර් යන විනිසුරු මඬුල්ල හමුවේ දී කැඳවිණි. නීතිඥ රන්මලී මීපාගල සමග ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.
දෙවැනි, තෙවැනි, සිව්වැනි වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි කහවිට පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart