42.31%
17.27%
32.76%
May 18, 2024

මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි (Adani Green Energy Limited) සමාගමට ලබාදීමට පසුගියදා ගත් කැබිනට් තීරණය අභියෝගයට ලක් කරමින් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම්කාර වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ප්‍රශාන්ති මහින්දරත, රෙවන් වීරසිංහ සහ රුක්ෂාන් සේනාධීර, එස්.ඩබ්ලිව්.ඒ අමිල කුමාරගේ උපදෙස් මත පෙනීසිටිති.

වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය තර්ක කරන්නේ මෙම ව්‍යාපෘතිය දිවයිනේ සුවිශේෂී ජෛව විවිධත්වයට සහ විශේෂයෙන් මන්නාරම දූපතේ පෞරාණික භූ දර්ශනවලට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.

ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානය, විඩුතලෙයිතිව් ජාතික වනෝද්‍යානය සහ වන්කලෙයි අභයභූමිය වැනි රක්ෂිත ප්‍රදේශ කිහිපයක නිවහන වන්නේ මන්නාරම් දූපත වන අතර මීට මාස කිහිපයකට පෙර පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය විසින් රැම්සා තෙත්බිම් ලැයිස්තුවට ප්‍රකාශයට පත් කරන ලදී.

මධ්‍යම ආසියාතික පක්ෂි පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි මන්නාරම සංක්‍රමණික විශේෂයන් විසින් භාවිත කරනු ලබන අතර එය
දේශීය ජල පක්ෂීන් සහ වවුලන් විශේෂ කිහිපයකටම නිවහන වන බව ද වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය තර්ක කළහ.

ජාතික පරිසර ආරක්ෂණ නීති මෙන්ම අන්තර්ජාතික ප්‍රඥප්ති දෙකම උල්ලංඝනය කරමින්, ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථානයක් ලෙස මන්නාරම ඒකීය ස්ථානගත කිරීම කිසිදු ඇගයීමකින් තොරව ව්‍යාපෘතිය අනුමත කිරීමට තීරණය කර ඇති බව ද එම සංගමය තර්ක කරයි.

කඩොලාන, කොරල්පර සහ තෙත් බිම් ඇතුළු දිවයිනේ විවිධ පරිසර පද්ධති, කලාපයේ පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

සුළං බල ව්‍යාපෘතිය ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම පරිසර පද්ධතිවලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි බවට දැඩි තර්ජනයක් පවතින බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

බලධාරීන්ගේ මෙම ක්‍රියාවල ආකාරය සහ ස්වරූපය, අවදානමට ලක්විය හැකි විශේෂ පිරී පවතින සංරක්ෂිත ප්‍රදේශයක මෙම ව්‍යාපෘතියේ පිළිසකර කළ නොහැකි ප්‍රතිවිපාක නොසලකා හැර ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව වැනි බලධාරීන් කෙරෙහි තැබූ මහජන විශ්වාසය දැඩි ලෙස අපයෝජනය කර ඇති බව පෙත්සම්කරු පවසයි.

යෝජිත අදානි ව්‍යාපෘතිය මගින් මන්නාරම දූපතේ ටර්බයින සංඛ්‍යාව 82 දක්වා ඉහළ නැංවිය හැකි අතර, ඒවා කුරුලු මරණ විශාල සංඛ්‍යාවකට හේතු වී ඇති තම්බපවනි ව්‍යාපෘතියේ කොටසක් ලෙස දැනටමත් පවතින ටර්බයින 30ට අතිරේකව ඉදිකෙරෙන බව පැවැසේ.

42.31%
17.27%
32.76%