October 27, 2023

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී ‘කොපිකළ’ බව කියන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

දකුණු පළාත නියෝජනය කරන අදාළ මන්ත්‍රීවරයා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී පිළිතුරු සටහන් ළග තබාගෙන සිටියදී විභාග පරීක්ෂකවරයකුට හසුවී ඇති බව පැවැසේ.

මෙම සිදුවීම යටගැසීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක්ම මේ වන විට මැදිහත්වී ඇතැයි වාර්තා වේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසා ඇත්තේ, මේ පිළිබඳ තමාටත් මාධ්‍යවේදීන්ගෙන් පැමිණිලි ලැබෙන බවත්, ඒ පිළිබඳ සොයාබලා ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන බවත් ‍ය.

42.31%
17.27%
32.76%