Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පෑන හසුරවමින් ජනතාව වෙනුවෙන්ම මාධ්‍යකරණයේ නිරත වූ ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනයට ලක්ව අදට වසර 16කි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය.
කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂ්මව ළඟාවීමේ හැකියාවක් පිහිටි මේ ගවේෂණාත්මක මාධ්‍යවේදීයා රටට හෙළිකළ බොහෝ තොරතුරු ඔහු නොවන්නට සදහටම සැඟවෙන්නට ඉඩ තිබුණි.
මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවූයේ වරක් දෙවරක් නොවේ.
අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.
සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරාදමන විට ඔහු සන්තකයේ තිබුණේ පෑනත්, සටහන් පොතත් පමණි.
අන්තර්ජාතික තලයේදී විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීරීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.
මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා නිහඬ කළ මැරයින් නිදැල්ලේ පසුවෙද්දී ඔහුගේ මරණය මතින්, පසුගිය සමයේ ආණ්ඩු පවා වෙනස් විය.
බලය ගත් පිරිස පරීක්ෂණ ආරම්භ කළේ ය.
2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල්මැරිණි.
තවමත් ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවී නැත.
ලසන්තගේ ඝාතනය සිහිපත් කරමින් ජනමාධ්‍යවේදී ශාලික විමලසේන සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන තබා තිබිණි.
“ලසන්ත වික්‍රමතුංග : 2009 – 2025 !
* ඝාතනය කළ, ඝාතනයට අනුබල දුන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
* 2007 ජූලි 15, ජූලි 29, අගෝස්තු 02, සැප්තැම්බර් 05 – දූෂිත මිග් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳ එකදිගටම සන්ඩේ ලීඩර් පුවත්පත හරහා අනාවරණය කිරීම.
* රුපියල් මිලියන 1,000ක වන්දියක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් ලසන්ත වික්රමතුංගට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේ අපහාස නඩු පැවරීම.
* 2008 නොවැම්බර් 09 – අපහාස නඩු දමා තිබියදීත් දූෂිත ගනුදෙනුවේ තවත් තොරතුරු ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූපයක් ද සමග අනාවරණය කිරීම.
* 2008 දෙසැම්බර් 05 – ගෝඨාභය රාජපක්ෂ සහ මිග් ගනුදෙනුව ගැන තොරතුරු පළනොකිරීමේ වාරණ නියෝගයක් ගෝඨාභයගේ ඉල්ලීම මත අධිකරණයෙන් නිකුත් කිරීම.
* තීරණාත්මක ඊළඟ නඩු වාරය පිළිබඳ භීතිය !
* 2009 ජනවාරි 06 සිරසට පහරදීමෙන් පසු ලසන්ත වික්‍රමතුංග එහි පැමිණ කළ ප්‍රකාශය.
* 2009 ජනවාරි 08 ලසන්ත වික්‍රමතුංග ඝාතනය.
ඝාතනය වසන් කිරීමට හැකි උපරිමයෙන් උත්සාහ කළ ද, ඒ පිළිබඳ තොරතුරු උපරිමයෙන් අනාවරණය වී ඇති තත්ත්වයක් තුළ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් වසර 16කට පසු හෝ යුක්තිය අනිවාර්යෙන්ම ඉටු විය යුතුය. අපරාධකරුවන් භුක්ති විඳින දණ්ඩ මුක්තිය අහෝසි කළ යුතු ම ය !”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart