January 8, 2024

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ සියලු මාධ්‍යවේදීන් නිහඬ කිරීමේ යටි අරමුණකින් බවත් ඔහු ඝාතනය කර වසර 15ක් ගතවී ඇතත් වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේය.

ලසන්ත මහ දවාලේ ඝාතනය කළේ මීට වසර 15කට පෙර අද වැනි දිනයක බවත්, අද වනතුරුත් එකදු වරදකරුවකු හෝ අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දී නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පැවසීය.

“ආණ්ඩුව සහ අධිකරණ පද්ධතිය සහිත සමාජයක තමන් වටා සිදුවන දේ දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා, රජයේ අධිකාරී බලය පටවා මාධ්‍යවේදීන් නිහඬ කිරීමට උත්සාහ කිරීම තුළින් මතය සහ මාධ්‍ය නිදහස යටපත් කළ හැකිය,” කෞෂල්‍ය නවරත්න පැවසීය.

“ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු විශ්වාස කරනවා නම් මෙවැනි බිහිසුණු මිනීමැරුම් සමාජයක සිදු විය නොහැකියි. කර්තෘ වික්‍රමතුංග ඝාතනය පිටුපස තිබුණේ යටි අරමුණක්. බලධාරීන් හිතුවේ එහෙම කරලා සියලුම මාධ්‍යවේදීන් නිහඬ කරන්න පුළුවන් කියලා,” යනුවෙන් ද ඔහු පැවසීය.

“ඝාතනය සිදුවී වසර 15ක් ගතවී ඇතත් අවම වශයෙන් දැන්වත් බලධාරීන් කළ යුතුව ඇත්තේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවා යුක්තිය ආරක්ෂා කර ගැනීමයි, ලසන්ත වික්‍රමතුංග වැනි අය අසාධාරණයට එරෙහිව හඬ නඟන අයගෙන් කෙනෙකු ලෙසින් මග හැරෙයි ,” නීතීඥ නවරත්න පැවසීය.

මේ අතර සන්ඩේ ලීඩර් නිර්මාතෘ සහ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට (8) වසර 15ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ සොහොන් බිමේදී දේව මෙහෙයක් පැවැත්විණි.

2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් වූ ලසන්ත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වූ අතර එවක රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක් විය.

ඔහු රැකියාවට යන විට උදෑසන රථ වාහන තදබදය මධ්‍යයේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කර තිබිණි.

ලසන්ත ඝාතන විමර්ශනය මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති අතර ඔහුගේ ඝාතකයන් වසර 15කට පසුවත් නිදැල්ලේ සැරිසරයි.

42.31%
17.27%
32.76%