
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක උරුම සීගිරිය අභය භූමියේ සීගිරිය පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමක් සිදුවන බව සීගිරිය සුරැකීමේ සංවිධානය කියයි.
එම සංවිධානය ප්රශ්න කරන්නේ එය මැඩලීමට හෝ වළක්වාලීමට කිසිදු අයකු ඉදිරිපත් නොවන්නේ මන්ද යන්නයි.
සීගිරිය අභය භූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බවත් වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් සහ සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මෙම බොරළු පස් කැපීම සිදුවන බවත් එම සංවිධානය පවසයි.
මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වළවල් හාරා බොරළු රැගෙන යෑම සිදුවන බව ප්රදේශයේ ජනතාව පෙන්වා දී තිබේ.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරිනියක පැවසුවේ තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්රිකා තාක්ෂණය අනුව කළ නිරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදුවන බවට නිරීක්ෂණය වූ බවයි.
කිසිදු අවසරයකින් තොරව එය සිදුවන බවත් ඇය පැවසුවාය.
ඇය සඳහන් කළේ මෙම මහා පරිසර විනාශය සිදුකරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි.
සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක එස් මලින්ද කියා සිටියේ ද සීගිරිය අභය භූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරුළු වලක් සඳහා කිසිදු අවසර පත්රයක් ලබාදී නොමැති බවයි.
පෞද්ගලික ඉඩමක් වුවද පස් ගැනීම සඳහා විධිමත් නීතිමය ක්රියාවලියක රාමුවක් පවතින බව ඔහු සඳහන් කළේය.
සීගිරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ලයනල් ගුණසේකර සඳහන් කළේ තමන් 1970 දශකයේ සිට සීගිරි පුරවරයේ සංචාරක ක්ෂේත්රයේ නිරතව සිටින අතර එදා සිට අද දක්වා ප්රදේශයේ ජනතාවට අභයභූමියේ වැසිකිළි වළක් හෝ කපා ගැනීමට ඉඩක් නොමැති බවයි.
එසේ තිබියදී මහා පරිමාණ යන්ත්ර සූත්ර යොදාගෙන සීගිරි අභය භූමිය විනාශ කරන්නට බලය ලබා දුන්නේ කවුරුන්ද යන්න රටට වහා හෙළි කළ යුතු බව ඔහු සඳහන් කරයි.
තමන් ඇතුළු කණ්ඩායම දිස්ත්රික් ලේකම් කාර්යාලය පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙය ප්රශ්න කරන බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart