Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පලස්තීන භූමියේ ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ශ්‍රී ලංකාව තවත් රටවල් 97 ක් සමඟ ඡන්දය ලබාදුන්නේය.
එහෙත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනකු යෝජනාවට ‘පක්ෂව’ ඡන්දය ප්‍රකාශ කර තිබියදීත්, එක්සත් ජනපදය එම පියවර නිෂේධනය කළේය.
එක්සත් රාජධානියද එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු වන ප්‍රංශය සහ තවත් ස්ථිර සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය ක්ෂණික සටන් විරාමයක් සඳහා ඡන්දය ප්‍රකාශ කළේය.
මීට පෙර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ කලාතුරකින් භාවිත කරන 99 වන වගන්තිය ක්‍රියාත්මක කරන ලෙස සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි අතර, ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියේ “දැඩි අවදානම” හමුවේ ගාසා තීරයේ මානුෂීය පද්ධතියේ බිඳවැටීම සහ “මානුෂීය ව්‍යසනයක්” වැළැක්වීම සඳහාය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් ආරක්ෂක මණ්ඩලයේ විවාදයට ගත් යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 97කට වැඩි සංඛ්‍යාවක් සම අනුග්‍රහය දැක්වීය.
යෝජනාවට අත්සන් කළ රටවල් අතර බෙල්ජියම, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, අයර්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, පෝලන්තය සහ පෘතුගාලය වැනි යුරෝපීය ජාතීන් කිහිපයක්ද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart