Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු සියලුම දෙනාට ඉමහත් පහසුවක් වනු ඇත.
විශේෂයෙන්ම මෙය මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ප්‍රයත්නයෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි වේ. මෙම ව්‍යාපෘතියට පිටුබලය සපයන ලද්දේ, මෙරට කාන්තාවන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය සේවාවන් සැපයීමේ ප්‍රමුඛයෙකු මෙන්ම විශේෂ කාණ්ඩ සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල් අතර විශාලතම රෝහල වන නයින්වෙල්ස් රෝහලයි. නයින්වෙල්ස් රෝහල ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීමේ ගෝලීය මට්ටමේ ප්‍රයත්නයක් වන UN Global Compact හි කාන්තා සමානාත්මතා වැඩසටහනේ සාමාජිකයෙකුද වේ.
මෙම Lanka IOC ඉන්ධන පිරවුම්හල නවතම තාක්ෂණික අංග රැසකින් සමන්විත ය. විශේෂයෙන්ම නව පෙරළිකාරී තාක්ෂණයක් වන, ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ නංවන NPND (No Print, No Delivery) ක්‍රමවේදයද මෙහි භාවිතා වේ. මෙම ක්‍රමවේදය යටතේ කිසියම් පාරිභෝගිකයෙකු වෙත සේවාවන් සපයනු ලබන්නේ පෙර පාරිභෝගිකයාට හිමි විය යුතු ලදු පත ඔහු හෝ ඇය වෙත ලැබුණු පසුව පමණි.
ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, Access සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා සහ Lanka IOC PLC හි කළමනාකාර අධ්‍යක්ෂ දීපාක් දාස් යන අය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart