Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසරේ ජනවාරි මාසයේදී 10,000කට රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
රජය විසින් දියත් කරන ලද ‘උරුමය’ වැඩසටහනේ පළමු අදියර යටතේ දෙසැම්බර් 21 වැනි දින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක 2023/01 චක්‍රලේඛයට අනුව, ඉදිරිපත් කරන ලද අයැදුම්පත් අතරින් අයැදුම්කරුවන් 10,000 කට තම ඉඩම්වල පූර්ණ අයිතිය හිමිවනු ඇත.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය යෝජනාව මඟින් ගොවි ජනතාව සඳහා ඉඩම් අයිතිය පරිවර්තනය කිරීමේ වේදිකාව සකසා ඇත.
2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ‘උරුමය’ වැඩසටහන එළිදැක්වූ ජනාධිපති වික්‍රමසිංහ එහිදී සඳහන් කළේ, 1935 ඉඩම් සංවර්ධන ආඥාපනතේ බලපත්‍රය යටතේ ගොවීන් අතර බෙදාහරින ලද ඉඩම් කට්ටි යළි ගොවීන්ට ලබාදෙන බවයි.
“අවුරුදු 100ක් පමණ ගතවී ඇතත් මේ ගොවිබිම්වල අයිතිය එම ගොවීන්ට නැවත පවරා දී නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පාරම්පරික ඉඩම්වල අයිතිය අහිමි වූ ගොවීන්ට අපි ඉඩම් ලබා දෙනවා. මෙම කාර්යය 2024 දී ආරම්භ කර තවත් වසර කිහිපයක් ඇතුළත එය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉඩම් සහ ගොවිබිම්වල අයිතිය පවුල් මිලියන දෙකකට ලැබෙනවා. මම මේ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කරනවා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart