Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් සන්නද්ධ අරගලවලට සම්බන්ධ වී තිබෙන බවත්, අවශ්‍ය වුවහොත් නැවත ඕනෑම මොහොතක නැවත එවැන්නකට සම්බන්ධ වන බවත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේය.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට වාසුදේව නානායක්කාර ද සූදානම් බව හෙතෙම අනාවරණය කළේය.
ඔහු මේ බව පවසා ඇත්තේ, ඊයේ (05) අම්පිටිය බස් නැවතුම්පොළ භූමියේදී පැවැති එම පක්ෂයේ සෙංකඩගල ආසන සමුළුව අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
”අපේ අරමුණ ජයගන්න රාජ්‍ය බලය ලබා ගන්න ඕන. නැතුව බැහැ. අරමුණ අපිට හොඳ රටක් හදාගන්න ඕන. අපේ රටේ බලය මාරුකර ගැනීම සඳහා 1931 ඉඳලා ආසියාවේ හැම රටකටම වඩා ඡන්ද බලය පාවිච්චි කරන්න ජනතාවට පුරුද්දක් තියෙනවා. ඊට අමතරව සන්නද්ධ අරගල වගේ විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා.
මාත් සන්නද්ධ අරගලවලට සහභාගී වෙලා තියෙනවා. අවශ්‍ය උණොත් ආයෙත් සම්බන්ධ වෙන්නත් ලෑස්තියි.
ලබන අවුරුද්දේ අගෝස්තු මාසය වනවිට ජනාධිපතිවරණයක් එනවා. ජනතාව ඒ ජනාධිපතිවරණයේදී 75 වසරක සාපය ඉවර කරලා, මාලිමාවට ඡන්දය දෙන්න ඉදිරියට එමින් ඉන්න වෙලාවක තමයි අද මේ සමුළුව සෙංකඩගලදී පවත්වන්නේ.
වාසුදේව නානායක්කාර මහත්තයා කියනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එක්ක රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා එකතු වෙලා මේ රටේ ජනතාව වනසමින් ඉන්නවා. දුකට පත් කරලා තියෙනවා. ඒකෙන් මිදෙන්න දැන් තියෙන්නේ එක උත්තරයයි. ජේවීපී එක තමයි ඒකට නායකත්වය ගන්න ඕන. ඒ අයත් ලෑස්තියි ඒකට එකතු වෙලා වැඩ කරන්න. වෙන උත්තරයක් දැන් ලංකාවේ නෑ කියලයි ඔහු කිව්වේ.
හැබැයි එතුමාට කියන්න ඕන මේක දැන් ජේවීපී නෙවෙයි මේක ජාතික ජන බලවේගය. ඒක වහාම නිවැරදි කර ගන්න. ඔන්න අලුත් විවිධත්වයන් එකතු වෙනවා හැබැයි අරමුණ එකයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart