January 14, 2025

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්ත කරන ලද මනෝ වෛද්‍යවරියක් ඇගේ මාරුව ආපසු හරවන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් කණස්සල්ල පළ කර තිබේ.

උතුරු සහ නැගෙනහිර ග්‍රාමීය ප්‍රදේශවල සේවය කිරීමට විශේෂඥයන් දක්වන අකමැත්ත මේ වන විට ගැටලුවක් බවට පත්ව තිබේ.

මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය සෞඛ්‍ය සේවා සඳහා අඛණ්ඩව බලපා ඇත.

වාර්තා වන පරිදි, අදාළ මනෝ වෛද්‍යවරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටියද අසනීප නිවාඩු සඳහා ඉල්ලුම් කර ඇති අතර, තනතුර භාර ගැනීමට ඇය අකමැති වීමට හේතුව ලෙස සිය පර්යේෂණ කටයුතු පිළිබඳ සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, ඇයගේ නොපැමිණීම හේතුවෙන් රෝහලේ මනෝචිකිත්සක සේවාවන් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම සහ යාපනය යන රෝහල් ද මනෝ වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ දී සිටියි.

මෙම සිදුවීමත් සමග තත්ත්වය තවත් නරක අතට හැරී ඇත.

පවතින හිඟය නිසා රෝගීන්ට අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය සේවා නොමැතිව සිටීමට සිදුවී ඇත.

වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය (AMS), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ ප්‍රමුඛ වෛද්‍ය ආයතන කිහිපයක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මනෝ වෛද්‍යවරියගේ මාරුව ආපසු නොහැරවිය යුතු බවයි.

එවැනි පියවරක් අනාගතයේදී ග්‍රාමීය ප්‍රදේශ වෙත නොයෑමට අනෙකුත් විශේෂඥයන් දිරිමත් කළ හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

නිලධාරීන්ට අනුව, පසුගිය වසර දෙක තුළ මනෝ වෛද්‍යවරුන් 50 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර එමඟින් අර්බුදය තවත් උග්‍ර වී ඇත.

රෝහල් 90කට මනෝචිකිත්සක සේවා අවශ්‍ය වුවද, දැනට කාර්ය මණ්ඩලය ලබා දීමට හැකි වී ඇත්තේ රෝහල් 60ක් සඳහා පමණි.

 

42.31%
17.27%
32.76%